චීන- අප්‍රිකානු සහයෝගිතා ප්‍රශස්ත අනාගතයක් කරා රැගෙන යාම කෙරෙහි චීනයේ අවධානය
2022-08-19 16:08:54
Share with:

චීන- අප්‍රිකානු සහයෝගිතා සාකච්ඡා මණ්ඩපයේ, 8 වැනි අමාත්‍යවරුන්ගේ රැස්වීමේ ජයග්‍රහණ ක්‍රියාත්මක කිරීම සඳහා සම්බන්ධීකාරක රැස්වීමක් චීන විදේශ අමාත්‍ය වං යී මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. 

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා විඩීයෝ ආකාරයෙන් ඊයේ (18)  පැවති එම රැස්වීමේ මුලසුන දැරුවේය.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ, චීන- අප්‍රිකානු සහයෝගිතා සාකච්ඡා මණ්ඩපයේ 8 වන අමාත්‍යවරුගේ රැස්වීම ඩකාර් හිදී සාර්ථකව පැවැත්වූ බවත්, එම සහයෝගිතාව යටතේ “ව්‍යාපෘති 9ක්”ආරම්භ කිරීමට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළ බවත් වං යී මහතා පැවසීය. ගෙවීගිය හය මාසයකට වැඩි කාලයක් තුළ, චීනය සහ අප්‍රිකාව අන්‍යොන්‍ය සහයෝගිතාව කෙරෙහි අවධානය යොමු කර ඇති අතර, අප්‍රිකානු ජනතාවට සැබෑ ප්‍රතිලාභ අත්කර දෙමින් රැස්වීමේ ජයග්‍රහණ මනාව ක්‍රියාත්මක කර ඇත.නව ඓතිහාසික ආරම්භයක් මත, නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන-අප්‍රිකානු ප්‍රජාවක් ශක්තිමත්ව ගොඩනැගීම සඳහා චීනය සහ අප්‍රිකාව පෙරට වඩා සමීප විය යුතු බවද  වං යී මහතා එහිදී ප්‍රකාශ කළේය.

මෙවර රැස්වීම පැවැත්වුණේ සුහද වාතාවරණයක් තුළ බවත්, එය ප්‍රා‍යෝගික ප්‍රතිඵල දිනා ගත් අවස්ථාවක් බවත් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී විස්තර කළේය. චීන-අප්‍රිකානු සහයෝගිතා සාකච්ඡා මණ්ඩපයේ 8 වැනි අමාත්‍යවරුන්ගේ රැස්වීමේ ප්‍රතිඵල ක්‍රියාත්මක කිරීම හා මිත්‍රශීලි සහයෝගතා සම්බන්ධයෙන් දෙපාර්ශ්වය පූර්ණ ලෙස අදහස් හුවමාරු කර ගත් බව ද ඔහු කියා සිටියේය. 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම