ඊනියා ‘ඇමරිකානු -තායිවාන වෙළඳ ගිවිසුම’ චීනය හෙළාදකී
2022-08-19 16:52:26
Share with:

ඇමරිකාව සහ චීනයේ තායිවාන ප්‍රදේශය අතර, නිල හෝ ස්වෛරීභාවයක් ප්‍රකාශ කෙරෙන ඕනෑම ගිවිසුමකට දැඩි විරෝධය පළකරන බව චීනය කියාසිටී. චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශක Ma Xiaoguang මහතා 18 වැනිදා මේ බව පැවසීය.

ඒ,   "21 වැනි සියවසේ  ඇමරිකානු -තායිවාන වෙළඳ මුලපිරුම" නමැති ඊනියා ගිවිසුම පිළිබඳව පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි. 

එකම චීනය මූලධර්මය සහ චීන-ඇමරිකානු ඒකාබද්ධ නිවේදනයන් හි සඳහන්  විධිවිධානවලට අවනත වන ලෙස ඇමරිකානු පාර්ශ්වයෙන් යළිත් ඉල්ලා සිටින බව හෙතෙම පැවසීය. චීනයේ එක්සත්භාවය සහ ජාතික පුනර්ජීවනය අවහිර කිරීම සඳහා තායිවාන ප්‍රශ්නය යොදාගැනීමේ ප්‍රයත්න සාර්ථක නොවන බව ද චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශක Ma Xiaoguang මහතා පෙන්වාදෙයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම