පිළිගත් බැංකු ක්‍රමවලට පරිබාහිරව මුදල් එවීම අවම මට්ටමක
2022-08-19 18:36:33
Share with:

මෙරට පිළිගත් බැංකු ක්‍රමවලට පරිබාහිරව මුදල් එවීම මේ වනවිට අවම මට්ටමක පවතින බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. උන්ඩියල් ආදි ක්‍රමවලින් මුදල් එවීම මේ වනවිට නතර වී තිබේ. 

එසේම, කිසියම් අයෙකු සතුව විදේශ මුදල් පවතින්නේ නම් ඒවා බැංකුවල තැන්පත් කරන්නැයි කොළඹ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවක දී මහබැංකු අධිපතිවරයා ඉල්ලීමක් කළේය. අනවශ්‍ය ලෙස විදේශීය මුදල් සංචිත සන්තකයේ තබා ගැනීමේ අවශ්‍යතාවක් නොවන බව ද ඔහු පෙන්වාදෙයි.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම