ඇමරිකාවේ "චිප් සහ විද්‍යා පනතට" චීනයෙන් යළිත් විරෝධය
2022-08-19 10:53:26
Share with:

ඇමරිකාව විසින් සම්මත කරන ලද "චිප් සහ විද්‍යා පනතට" චීනය යළි ප්‍රතිචාර දක්වයි. චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශිකා Shu Jueting මහත්මිය ඊයේ (18) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේ, චීනය මීට දැඩි ලෙස විරුද්ධ වන අතර, අවශ්‍ය වූ විට අදාළ නීත්‍යනුකූල අයිතීන් සුරැකීමට ඵලදායී පියවර ගන්නා බවයි.

පනතේ ඇතැම් වගන්ති මගින්, අදාළ ව්‍යවසායන් චීනයේ ක්‍රියාවට නංවන සාමාන්‍ය ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන ක්‍රියාකාරකම් සීමා කර තිබීමෙන්, පැහැදිලිවම පිළිබිඹු වන්නේ වෙනස් කොට සැලකීමකි. එය වෙළඳපොළ නීති සහ ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ නීති බරපතල ලෙස උල්ලංඝනය කරන අතර, ගෝලීය අර්ධ සන්නායක සැපයුම් දාමය විකෘති කරනු ඇතැයි ද අමාත්‍යාංශ ප්‍රකාශිකාව පෙන්වාදෙයි. ඇමරිකාවේ මෙම පනත ලෝක වෙළඳ සංවිධානයේ අදාළ නීතිරීතිවලට මෙන්ම විවෘතභාවය, විනිවිදභාවය සහ වෙනස්කම් නොකිරීමේ මූලධර්මයන්ට අනුකූල විය යුතුය. එසේම, ගෝලීය කාර්මික දාමයේ සහ සැපයුම් දාමයේ ආරක්ෂාව හා ස්ථාවරත්වය පවත්වා ගැනීමට හිතකර විය යුතු ය. මෙම පනත ක්‍රියාවට නැංවීම කෙරෙහි චීනය අඛණ්ඩව අවධානය යොමුකරන අතර, අවශ්‍ය වූ විට තම නීත්‍යනුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ඵලදායී පියවර ගන්නා බව ද චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශිකාව පැවසුවා ය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම