ලෝක වෘත්තීය තාක්ෂණික අධ්‍යයන සංවර්ධන සමුළුවට චීන ජනාධිපතිගෙන් සුබ පැතුම්
2022-08-19 17:24:31
Share with:

ලෝක වෘත්තීය තාක්ෂණික අධ්‍යයන සංවර්ධන සමුළුවට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පැතුම් පණිවුඩයක් යොමු කරයි.

වෘත්තීය අධ්‍යාපනය හා සමාජ සංවර්ධනය අතර සමීප සම්බන්ධතාවක් පවතී. එය රැකියා නියුක්තිය හා නව රැකියා ස්ථාපනයට බලපාන අතර, ආර්ථීක සහ සමාජ සංවර්ධනයට ඉවහල් වෙමින් ජනතා ප්‍රතිලාභයන්ට වැදගත් අර්ථයක් හිමිකර දෙන බව ෂී ජින්පිං මහතා එහිදී පැවසීය. වෘත්තීය අධ්‍යාපනයේ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය සක්‍රිය ලෙස ඉදිරියට ගෙන යන චීනය, දෙස් විදෙස් වෘත්තීය අධ්‍යාපන හුවමාරු හා සහයෝගිතා පැවැත්වීමට ද අනුබල දෙයි. විවිධ රටවල් සමඟ අන්‍යොන්‍ය වශයෙන් අත්දැකීම් බෙදා ගනිමින්, පොදු සංවර්ධනය සාක්ෂාත් කරමින් ලෝක සංවර්ධන යෝජනාව ක්‍රියාත්මක කර, එක්සත් ජාතීන්ගේ 2030 වසරේ තිරසර සංවර්ධන ක්‍රියාදාමයට දායකත්වය ලබා දීමට චීනය කැමැත්තෙන් සිටින බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ලෝක වෘත්තීය තාක්ෂණ අධ්‍යාපන සංවර්ධන සමුළුව  අද (19) චීනයේ ටියැන්ජින් නගරයේ දී ඇරඹිණ. 

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම