පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කෙරෙහි ජනපතිගේ අවධානය
2022-08-19 18:29:43
Share with:

පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  The economist  සඟරාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.  ශ්‍රී ලංකා ගුවන් සමාගමට අමතරව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ,ටෙලිකොම් වැනි ආයතන පෞද්ගලීකරණය කළ හැකි බව ජනාධිපතිවරයා එහිදී කියාසිටියේය.

ඛනිජ තෙල් සංස්ථාව සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේදී වසර 40 ක් පුරා එම ක්ෂේත්‍රයේ  සිටින පිරිස සමගද සාකච්ඡා කර නව ආයෝජන සඳහා අවස්ථා විවෘත කරන බව ද හෙතෙම පැවසීය.  

2023 වසර අවසාන වන විට රට යහපත් අතට හැරෙනු ඇතැයි ජනාධිපතිවරයා විශ්වාසය පළකළේය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම