Liaoning පළාතේ නවෝත්පාදන ව්‍යවසායයන් හා ජන ප්‍රජාසේවා කෙරෙහි චීන ජනපතිගේ අවධානය
2022-08-18 11:32:26
Share with:

චීන ජනාධිපතිවරයා, ඊසාන දිග චීනයේ Liaoning පළාතේ Shenyang නගරයේ නිල සංචාරයක නිරත වෙයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ(17) පස්වරුවේ Shenyang නගරයේ SIASUN රොබෝ හා ස්වයංක්‍රීයකරණ සමාගම මෙන් ම Mudan ජන ප්‍රජාව නිරීක්ෂණය කළේ ය. විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන, චීන කොමියුනිස්ට් පක්ෂයේ බිම් මට්ටමේ සංවර්ධනය හා ජන ප්‍රජාවේ සේවාවන් කෙරෙහි ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය මෙහිදී යොමුවිය.

Shenyang SIASUN රොබෝ හා ස්වයංක්‍රීයකරණ සමාගම ස්ථාපනය කෙරුණේ 2000 වසරේදීය. රොබෝ තාක්ෂණය කේන්ද්‍ර කරගත් පූර්ණ බුද්ධිමය නිපැයුම් හා සේවාවන්ගෙන් සමන්විත මෙය කැපීපෙනෙන අධිතාක්ෂණික ව්‍යවසායයකි.මෙම සමාගමේ නිෂ්පාදිත රටවල් හා කලාප 40කට වැඩි සංඛ්‍යාවකට අපනයනය කෙරේ. 4000කට අධික අන්තර්ජාතික ව්‍යවසායයන් වෙත යාවත්කාලීන කිරීමේ සේවාවන් සැපයීම ද සමාගමේ විශේෂත්වයකි.

මීට අමතරව ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් වූ Mudan ජන ප්‍රජාවේ පවුල් 3094ක් වෙසෙති. එහි කොමියුනිස්ට් පක්ෂ ශාඛාව යටතේ ජනතාව ප්‍රජා පාලනයට එක්වෙමින් මනා ප්‍රතිඵල ලබා ඇත.



ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම