ඓතිහාසික වශයෙන් පවතින පටිපාටි වෙනස් කිරීමේ ඇමරිකානු මැදිහත්වීම් කිසිසේත් පිළිගත නොහැකියි
2022-08-18 10:46:39
Share with:

දිගු කලක් පුරා සැකසී ඇති ජගත් පටිපාටියට හානි කිරීමට කිසිවෙකු‍ට හෝ අයිතියක් නොමැති බව විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය චන්දන කුමාර මහතා පවසයි. ඇමරිකාව විවිධ රටවල හමුදා කඳවුරු පවත්වා ගනිමින් කලාපීය වශයෙන් සිදු කරන විවිධ මැදිහත්වීම් හරහා මෙම ජගත් පටිපාටියට හානි සිදුවෙයි. තම මතයට අවනත නොවන විට විවිධ ක්‍රම හරහා බලපෑම් සිදු කිරීමට ඔවුහූ පෙළඹෙති. ඇතැම් රටවල පාලන බලයන් පෙරළා දැමීමට බලහත්කාරයෙන් මැදිහත්වූ ආකාරයන් ද මෑත කාලය තුළ දැක ගත හැකිවිය. රටක පාලනය සිදු කරන්නේ කවුරුන් විසින් ද යන්න තෝරා ගැනීම එම රටේ ජනතාවට ඇති අයිතියකි. එය වෙනස් කිරීම සඳහා මැදිහත්වීමට වෙනත් රටකට අයිතියක් නොමැත. එලෙස සිදු කරන මැදිහත්වීම් පැහැදිලිවම ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කිරීමකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතැළු ජගත් වේදිකාව‍ලදී ඊට එරෙහිව පැහැදිලිව හඬනැගිය යුතු බවද චන්දන කුමාර මහතා පෙන්වා දෙයි. ඒ ඒ රටවලට ආවේණික දේශපාලන, ආර්ථික, සාමාජීය රටාවන් පවතී. තමන්ට අවේණික එම රටාවන් මත ඉදිරියට යාමට එම රටවලට ඇති අයිතියට අභියෝග කිරීමට කිසිවෙකුට හෝ අයිතියක් නොමැත. විශේෂයෙන්ම ‍ඓතිහාසික වශයෙන් පවතින තත්ත්වයන් වෙනස් කිරීමේ මැදිහත්වීම් පිළිගත නොහැකි බවද චන්දන කුමාර මහතා කියා සිටී. මෑතදී ඇමරිකා කථානායිකාව චීන තායිවානයේ අනවසරයෙන් සංචාරය කිරීම ද එවන් උත්හාසයක් බව හෙතෙම සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම