චීන කොමියුනිස්ට් පක්ෂය ජනතාවට දැනෙන අයුරින් හදවතින්ම සේවය කළ යුතුයි--චීන ජනපති
2022-08-18 15:02:05
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂය තමන්ට සේවය සැලසීමේ පරම අරමුණින් යුතු බව ජනතාවට ප්‍රත්‍යක්ෂ වන සේ, හදවතින්ම ක්‍රියාකළ යුතු යැයි චීන ජනාධිපතිවරයා කියාසිටී. 

ෂී ජින්පිං මහතා මේ බව පැවසුවේ, Liaoning පළාතේ Shenyang නගරයේ Mudan ජන ප්‍රජාවේ ඊයේ(17) නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

චීනය වියපත් වීමේ සමාජයට පිවිස ඇත. වියපත් ජනතාව පිළිබඳ ව්‍යායාමය හා කර්මාන්ත කෙරෙහි අවධානය යොමු කරමින්, ඔවුන් සඳහා වන සේවා පහසුකම් සංවර්ධනය ද කඩිනම් කළ යුතු බව ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය. 

දරුවන් අප සතු නිධානයක් හා සම වේ. ඔවුන් හදාවඩා ගැනීම හා අධ්‍යාපනය ලබාදීමේ කටයුතු මනාව ශක්තිමත් කළ යුතුය. ජන ප්‍රජා,දරුවන්ගේ ශාරීරික යෝග්‍යතාවට ප්‍රමුඛ සැලකිල්ල දක්වා ඔවුන්ගේ කායික හා මානසික සෞඛ්‍යය කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර, දරුවන් උදෙසා අතිරේක සුබසාධන ක්‍රියාකාරකම් වැඩියෙන් සංවිධාන කළ යුතුය. චීන කොමියුනිස්ට් පක්ෂය සෑම විටම ජනතාව ළඟින්ම සිටින බව ජනතාවට ප්‍රත්‍යක්ෂ වන සේ ක්‍රියාකළ යුතු යැයි ද ෂී ජින්පිං මහතා අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම