9වැනි චීන-ජපාන ඉහළ පෙළේ දේශපාලන සංවාදය පැවැත්වේ
2022-08-18 11:00:41
Share with:

9වැනි චීන-ජපාන ඉහළ පෙළේ දේශපාලන සංවාදය පැවැත්වේ.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික යං ජියේ චි මහතා සහ ජපාන ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ Takeo Akiba මහතා, ඊයේ (17) චීනයේ ටියෙන් ජින් නුවර පැවති එම සංවාදයේ සම මුලසුන් දැරූහ.

සාමකාමී සහජීවන පැවැත්ම හා මිත්‍රශීලි සහයෝගිතාව ද්විපාර්ශ්වික සම්බන්ධතා සඳහා වන එකම නිවැරදි තේරීම බවත්, පවතින විවිධ බාධා ඉවත් කරමින් චීනය හා ජපානය නව යුගයට ගැලපෙන ද්විපාර්ශ්වික සබඳතාවක් ගොඩ නගා ගත යුතු බවත්  යං ජියේ චි මහතා එහිදී කියා සිටියේ ය.

තායිවානය චීන දේශභූමියෙන් වෙන් කළ නොහැකි කොටසකි. තායිවාන ප්‍රශ්නය චීන-ජපාන සබඳතාවේ දේශපාලන පදනම හා විශ්වාසයට සෘජුව බලපාන කරුණක් බව යං ජියේ චි මහතා පෙන්වාදෙයි. දෙරට අතර පවතින දේශපාලන එකඟතාවන්ට අනුකූලව, මතභේද නිසියාකාරයෙන් හසුරුවමින් ද්විපාර්ශ්වික සම්බන්ධතා වඩාත් විධිමත් හා නම්‍යශීලි ලෙස වර්ධනය කළ යුතු බව ද හෙතෙම  අවධාරණය කළේ ය.

දෙපාර්ශ්වය පොදුවේ සැලකිල්ල දක්වන ජාත්‍යන්තර හා කලාපීය ප්‍රශ්න කෙරෙහි ද එම සංවාදයේදී අවධානය යොමුවිය.

 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම