එකම චීනය මූලධර්මය ජපානය පූර්ණ වශයෙන් අනුගමනය කරනු ඇතැයි චීනයෙන් අපේක්ෂා
2022-08-18 18:23:59
Share with:

එකම චීනය මූලධර්මය ජපානය පූර්ණ වශයෙන් අනුගමනය කරනු ඇතැයි  චීනය අපේක්ෂා කරයි.

චීන තායිවාන සමුද්‍ර සන්ධිය දෙපසේ තත්ත්වය කෙරෙහි ජපානය දැක්වූ අදහස් සම්බන්ධයෙන්, අද (18)පැවති මාධ්‍ය හමුවේදී චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා අදහස් පළ කළේය.

එකම චීනය මූලධර්මය සැබැවින්ම, නිසි ආකා‍රයෙන් අනුගමනය කරමින් ජපානය, චීන තායිවාන සමුද්‍ර සන්ධිය දෙපසේ සාමය හා ස්ථාවරත්වය සහතික කිරීමට ඉවහල් වන අයුරින් කටයුතු කරනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව හෙතෙම පැවසීය.

ඊයේ (17) 9වැනි චීන-ජපාන ඉහළ පෙළේ දේශපාලන සංවාදය අතරතුර ජපානය, චීන තායිවාන සමුද්‍ර සන්ධි දෙපසේ තත්ත්වය පිළිබඳ අදහස් දක්වා තිබේ. පසුගිය දා චීනය පැවැත්වූ යුද හමුදා ‍අභ්‍යාසය ක්‍රියාත්මක කිරීමේ ප්‍රදේශය ජපාන ඊනියා විශේෂ ආර්ථික කලාපය හා සම්බන්ධ වී පවතින බව ජපාන පාර්ශ්වය එහිදී පවසා ඇත.

චීනය සහ ජපානය, චීනයේ තායිවාන දූපතේ නැගෙනහිර මුහුදු සීමාව තවමත් මායිම් කර නොමැති බවත්, චීනය ජපානයේ ඊනියා විශේෂ ආර්ථික කලාපය පිළිනොගන්නා බවත් වං වෙන්බින් මහතා එහිදී පෙන්වා දුන්නේය. තායිවාන දූපත ආසන්න මුහුදු ප්‍රදේශවල චීන යුද අභ්‍යාස පැවැත්වීම, ඇමරිකාව සහ "තායිවාන ස්වාධීනත්ව" බෙදුම්වාදී බලවේගවල තර්ජනයන්ට ප්‍රතිචාර දැක්වීමකි. එමෙන්ම එය චීන ජාතික ස්වාධිපත්‍යය සහ භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කිරීමේ අත්‍යවශ්‍ය සහ නීත්‍යනුකූල පියවරකි. අදාළ යුද අභ්‍යාස පැවැත්වීමට පෙර චීනය අදාළ ආරක්ෂිත නිවේදන හා නාවික අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. එම සියලු පියවරයන් සම්පූර්ණයෙන්ම ජාත්‍යන්තර නීතියට සහ ජාත්‍යන්තර රෙගුලාසීන්ට අනුකූල ව ක්‍රියාවට නැංවූ බව වං වෙන්බින් මහතා ප්‍රකාශ කළේය. 

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම