ජගත් සංවිධාන මහ සම්මේලනයට එක්වීම සඳහා තම රටේ නියෝජිතයන් වෙත වීසා නිකුත් කරන්නැයි රුසියාව ඇමරිකාවෙන් ඉල්ලයි
2022-08-18 11:37:43
Share with:

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සම්මේලනයට සහභාගි වීම සඳහා, රුසියානු විදේශ ඇමතිවරයා හා එරට නියෝජිත කණ්ඩායම වෙත වීසා නිකුත් කරන්නැයි රුසියාව ඇමරිකාවෙන් ඉල්ලා සිටී.

ඇමරිකාවේ රුසියානු තානාපති Anatoly Antonov මහතා ඊයේ(17) පැවසුවේ,  තානාපති කාර්යාලය මගින් එම ඉල්ලීම ඉදිරිපත් කළ බවයි. ඒ, රුසියානු විදේශ ඇමති Sergei Lavrov මහතා හා සෙසු නියෝජිතයන්ට ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන, 77 වැනි එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනයට සහභාගි වීම සඳහා ය. එක්සත් ජාතීන්ගේ සංවිධාන නිල සංචාරය ඇතුළු එරට සෙසු නිල සංචාරයන්ට ඇමරිකාව අඛණ්ඩව බාධා එල්ල කරන බව ද රුසියානු තානාපතිවරයා පැවසීය.

2019 වසරේ සැප්තැම්බර් මාසයේ, 74 වැනි එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනය පැවති අවස්ථාවේදී ද, නියමිත වේලාවට වීසා ලබා ගත නොහැකි වීම නිසා රුසියානු නියෝජිතයන් විශාල පිරිසකට ඊට එක් විය නොහැකි ය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම