Guangdong පළාතේ ආර්ථික හා සමාජ සංවර්ධන ජයග්‍රහණ චීන අග්‍රාමාත්‍යවරයාගේ ඇගැයීමට
2022-08-18 10:34:49
Share with:

Guangdong පළාත සහ Shenzhen නගරය චීනයේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ප්‍රමුඛ ප්‍රදේශ වන අතර, ඒ යටතේ එහි දැවැන්ත වෙනස්කම් සිදුව ඇතැයි චීන අග්‍රාමාත්‍ය Li Keqiang මහතා කියාසිටී. අග්‍රාමාත්‍යවරයා අගෝස්තු 16 සිට 17 දක්වා Shenzhen නගරය නිරීක්ෂණය කළේය. Guangdong පළාත චීනයේ විශාලතම ආර්ථික පළාත වන අතර, Shenzhen නගරය ජාත්‍යන්තර අගනගරයක් දක්වා වර්ධනය වී ඇත. එම කේන්ද්‍රස්ථාන  ප්‍රතිසංස්කරණයේ හා විවෘතභාවයේ කාර්යභාරය සහ ආර්ථිකය මෙහෙයවීමේ කටයුතු අඛණ්ඩව ඉටුකරමින්, චීනයේ සංවර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දිය යුතු බව Li Keqiang මහතා අවධාරණය කළේය. Guangdong හි ආර්ථික හා සමාජ සංවර්ධන ජයග්‍රහණ චීන අග්‍රාමාත්‍යවරයාගේ ඇගැයීමට ලක් විය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ශක්තිමත් නායකත්වය යටතේ, ප්‍රතිසංස්කරණය නව්‍යකරණයට ලක් කළ යුතු බවත්, සංවර්ධනය නව තලයකට නැංවිය යුතු බවත් චීන අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම