හම්‍බන්තොට වරායට‍ ළඟාවූ චීන විද්‍යාත්මක පර්යේෂණ නෞකාව වෙනුවෙන් උත්කර්ෂවත් පිළිගැනීමේ උළෙලක්
2022-08-17 15:43:32
Share with:

යුවාන් වැන්ග් - 5 චීන විද්‍යාත්මක පර්යේෂණ නෞකාව ඊයේ (16) හම්බන්තොට වරායට ළඟාවිය. එම නෞකාව  වෙනුවෙන් පිළිගැනීමේ උත්සවයක් එහිදී පැවැත්විණ‍.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග් මහතා සහ ඔහුගේ බිරිඳ, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නියෝජිත, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා මෙන්ම දේශපාලන පක්ෂ 9 ක නායකයින් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 10 දෙනෙක්, අදාළ සංවිධානවල හා චීන සමාගම්වල නියෝජිතයෝ ඇතුළු 300 කට ආසන්න පිරිසක් එම උත්සවයට එක්වූහ.

යුවාන් වැන්ග් - 5 නෞකාව සහ එහි සියලු කාර්ය මණ්ඩලය මිත්‍රත්වයේ දූතයන් බවත්, මානව වර්ගයාගේ අභ්‍යවකාශ ගවේෂණය වෙනුවෙන් ඔවුන්ගේ කැප කිරීම් ඉතිහාසයේ වැදගත් පරිච්ඡේදයක් බවට පත්වනු ඇති බවත් චී ජෙන්හොන්ග් මහතා එම උත්සවයේදී පෙන්වා දුන්නේය.

යුවාන් වැන්ග් - 5 නෞකාව සාදරයෙන් පිළිගන්නා බව සරත් වීරසේකර මහතා එහිදී පැවසීය. චීනය ශ්‍රී ලංකාවේ සැබෑ විශ්වසනීය මිත්‍රයෙකු බව හෙතෙම පැවසීය. වර්තමානයේ ශ්‍රී ලංකාව නිද‍හසෙන් පසු උද්ගත වූ බරපතල ම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටී. රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණය,  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර කඩිනමින් ලබා ගැනීම සහ සංක්‍රාන්ති  කාලයේ අරමුදල් සම්පාදනයට චීනයේ සහාය හිමිවනු ඇතැයි හෙතෙම අපේක්ෂා පළ කළේය.

යුවාන් වැන්ග් - 5 නෞකාව චීනයේ චන්ද්‍රිකා සමුද්‍ර නිරීක්ෂණ සහ පාලන දෙපාර්තමේන්තුවට අනුබද්ධ නෞකාවකි. සාමකාමීව අභ්‍යවකාශය භාවිත කරමින් සමුද්‍ර නිරීක්ෂණයට සහාය ලබා දීමේ අරමුණෙන්, එය අභ්‍යවකාශ සහ සාගර නිරීක්ෂණ පිළිබඳ විද්‍යාත්මක ක්‍රියාකාරකම්වල නිරත වේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම