චීනයේ කෘෂිකර්ම යන්ත්‍රෝපකරණ නවෝත්පාදනය තවදුරටත් තහවුරු කෙරේ
2022-08-17 11:28:48
Share with:

චීනය කෘෂිකර්ම යාන්ත්‍රෝපකරණ නවෝත්පාදනය තවදුරටත් තහවුරු කරයි.

කෘෂිකර්ම යන්ත්‍රෝපකරණ පර්යේෂණ මට්ටම නංවාලීම කේන්ද්‍ර කර ගනිමින් බුද්ධිමය යන්ත්‍ර නිර්මාණය තහවුරු කිරීමේ විද්‍යා හා තාක්ෂණික ක්‍රියාවලියක් ආරම්භ කෙරෙනු ඇතැයි චීන කෘෂිකර්ම විද්‍යා ඇකඩමියේ අධ්‍යක්ෂ Wu Kongming මහතා කියා සිටී. ඔහු මේ බව පැවසුවේ ඊයේ(16) පැවති බුද්ධිමය යාන්ත්‍රික විද්‍යා හා තාක්ෂණ ක්‍රියාපිළිවෙත පිළිබද දැනුවත් කිරීමේ වැඩමුළුවට එක් වෙමිනි.

ධාන්‍ය නිෂ්පාදනය, කෘෂිකර්ම යාන්ත්‍රෝපකරණ හා යාන්ත්‍රිකකරණය හා බැඳී ඇති බව ඔහු පවසයි. කෘෂිකර්ම විද්‍යා ඇකඩමිය තුළ, ඉහළ පෙළේ විද්‍යා හා තාක්ෂණ සම්පත් සම්බන්ධීකරණයෙන් අති නවීන තාක්ෂණාංග පර්යේෂණය කරමින් යන්ත්‍රෝපකරණ නිර්මාණශීලීත්වය පුළුල් ලෙස තහවුරු කෙරෙනු ඇත. කෘෂිකර්ම යන්ත්‍රෝපකරණ වල පවතින ගැටළු කෙරෙහි අවධානයක් යොමු කෙරෙන අතර, බුද්ධිමය පරිසර හිතකාමී යන්ත්‍රෝපකරණ පර්යේෂණ ද ඵලදායී ලෙස සිදු කෙරෙනු ඇත. එසේ ම, ඒ හා සම්බන්ධ ව්‍යවසායයන් හා කාර්මික දාමයන්හී නවෝත්පාදන ක්‍රියාවලිය ද සමාන්තර අයුරෙන් ක්‍රියාවට නැංවීමට ද කෘෂිකර්ම විද්‍යා ඇකඩමිය කැප වනු ඇති බව ද එහි අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම