එකම චීනය මූලධර්මය අනුගමනය කරන බවට රටවල් 170 කින් යුක්තියේ හඬ නැගෙයි
2022-08-17 19:03:53
Share with:

එකම චීනය මූලධර්මය අනුගමනය කරන බවට රටවල් 170 ක් යළි අවධාරණය කිරීමෙන් යුක්තියේ හඬ නැගෙයි.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (17) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

10 වැනි මොස්කව් ජාත්‍යන්තර ආරක්ෂක සමුළුවට ඊයේ(16) සහභාගි වූ රුසියානු ජනාධිපති Vladimir Putin මහතා කියාසිටියේ, නැන්සි පෙලොසිගේ චීන තායිවාන සංචාරය, වගකීම් සහගත නොවන දේශපාලනඥයෙකුගේ නොමනා ක්‍රියාවක් වන බවයි. සැලසුම් කරන ලද තර්ජනයක් වන එම ක්‍රියාව කලාපීය සහ ලෝක ස්ථාවරත්වය හිතාමතාම විනාශ කිරීමේ සහ අවුල් කිරීමේ ඇමරිකානු කුමන්ත්‍රණ උපායමාර්ගයේ කොටසකි. ඇමරිකාව ලෝකයේ වෙනත් රටවල ස්වාධිපත්‍යය ගරු නොකරමින් සිය ජාත්‍යන්තර වගකීම නොසලකා ක්‍රියාකරන ආකාරය ඉන් පිළිබිඹු කෙරුණු බවද රුසියානු ජනාධිපතිවරයා පෙන්වාදී තිබේ.

මේ සම්බන්ධයෙන් වං වෙන්බින් මහතා ප්‍රකාශ කළේ  Vladimir Putin මහතාගේ මෙම ප්‍රකාශය චීනය ඉහළින් අගය කරන බවයි. 

ඇමරිකානු කොංග්‍රසයේ කථානායිකා නැන්සි පෙලොසිගේ චීන තායිවාන සංචාරයෙන් පසු, රටවල් 170 කට වැඩි සංඛ්‍යාවක් යුක්තියේ හඬ නගා ඇති අතර, එකම චීනය මූලධර්මයට අනුගත වීම ද යළි අවධාරණය කර තිබේ. චීනයේ ජාතික ස්වාධිපත්‍යය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා චීනයට අනුබල දෙන බව රුසියානු ජනාධිපතිවරයා ද පවසා ඇත. ඔහුගේ මෙම ප්‍රකාශය මගින් අන්‍යොන්‍ය ජයග්‍රහණ හා සම්බන්ධ කරුණු කෙරෙහි චීනය සහ රුසියාව අතර පවතින ස්ථිර සහයෝගිතාව මැනැවින් පිළිබිඹු වේ. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ  මූලධර්ම ඒකාබද්ධව ආරක්ෂා කිරීමට මෙන්ම කලාපීය සහ ලෝක සාමය පොදුවේ ආරක්ෂා කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම