ඇමරිකාව එකම චීනය මූලධර්මය ප්‍රායෝගිකව අනුගමනය කරනු ඇතැයි චීනයෙන් අපේක්ෂා
2022-08-17 19:05:00
Share with:

 

ඇමරිකාව එකම චීනය මූලධර්මය ප්‍රායෝගිකව අනුගමනය කරනු ඇතැයි චීනය අපේක්ෂා පළකරයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා මේ බව ප්‍රකාශ කළේ අද(17) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී, අදට යෙදෙන ‘චීන ඇමරිකානු 8.17 නිවේදනය’ නිකුත් කිරීමේ 40 වැනි සංවත්සරය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. 

‘8.17 නිවේදනය’, ‘ෂැන්හයි නිවේදනය’ හා ‘රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ගොඩනැගීමේ නිවේදනය’ යන චීනය හා  ඇමරිකාව ඒකාබද්ධව අත්සන් තැබූ නිවේදන තුන දෙරට සම්බන්ධතාවයේ දේශපාලන පදනම වන බවත්, ඒවායේ කේන්ද්‍රීය කරුණ වන්නේ එකම චීනය මූලධර්මය බවත් වං වෙන්බින් මහතා පෙන්වාදෙයි. එහෙත් ඇමරිකාව එම මූලධර්මයට අනුකූල නොවන සේ කටයුතු කර ඇත. ඇමරිකාව, චීනයේ තායිවාන ප්‍රදේශය සමග නිල සම්බන්ධතා ඇතිකර ගැනීමේ සීමා බිඳ ඇති අතර එම දෙපාර්ශ්වය අතර හමුදාමය බැඳීම් ද වඩාත් තර වී තිබේ. මේ අතර ඇමරිකාව විසින් තායිවාන ප්‍රදේශයට අලෙවි කෙරෙන අවි ආයුධවල ප්‍රමාණ හා ශක්‍යතාව අඛණ්ඩව වැඩි වෙමින් පවතී.

කෙසේවෙතත්, එකම චීනය මූලධර්මය චීනය හා ඇමරිකාව අතර හුවමාරු විධිමත් කර ද්විපාර්ශ්වික සම්බන්ධතාව වර්ධනය කිරීමේ දේශපාලන පදනම වේ. ඇමරිකාව එම මූලධර්මයෙන් මිදී හැසි‍රුණහොත්, එය දෙරට අතර අන්‍යෝන්‍ය විශ්වාසයට බරපතල හානියක් ගෙන දෙනු ඇතැයි වං වෙන්බින් මහතා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම