රටේ ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීමේ දී ප්‍රධාන ආර්ථික පළාත්වලට විශාල වගකීමක් ඇතැයි චීන අගමැති කියයි
2022-08-17 10:51:16
Share with:

රටේ ආර්ථික ස්ථාවරත්වය ප්‍රතිෂ්ඨාපනය කිරීමේදී ප්‍රධාන ආර්ථික පළාත් සිය වගකීම් දැරිය යුතු බව චීන අග්‍රාමාත්‍යවරයා පවසයි.

චීන අග්‍රාමාත්‍ය Li Keqiang මහතා ඊයේ(16) Shenzhen නගරයේ පැවති චීනයේ ප්‍රධාන ආර්ථික පළාත් රජයන්හී ප්‍රධාන නිලධාරීන්ගේ ආර්ථික තත්ත්වය පිළිබඳ සාකච්ඡාවට සහභාගි වූ අවස්ථාවේදී මේ බව පැවසීය.

ප්‍රධාන ආර්ථික පළාත් හය රටේ සමස්ත ආර්ථික නිමැවුමෙන් 45% ක් වන අතර රටේ ආර්ථික සංවර්ධනයට වැදගත් අනුබලයක් ලබා දෙන බව Li Keqiang මහතා පෙන්වා දුන්නේය. රාජ්‍ය මූල්‍ය ආදායම් හා වියදම් ශේෂයක් පවත්වා ගැනීම සඳහා ප්‍රධාන ආර්ථික පළාත් ආර්ථිකය ස්ථාවර කිරීමට ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක කළ යුතුය. පළාත් හයේ වෙළඳපල ඒකක සංඛ්‍යාව රටේ සමස්තයෙන් 40%කට වඩා වැඩි වන අතර රැකියා නියුක්තිය වෙනුවෙන්  40% කට වඩා වැඩි දායකත්වයක් ලබා දෙයි. රැකියා නියුක්තිය ස්ථාවර කිරීමට උත්සාහ දැරිය යුතු බවද හෙතෙම අවධාරණය කළේය.

එසේම ප්‍රධාන ආර්ථික පළාතක විශාල ජනගහනයක් සිටින බැවින් පරිභෝජනය ප්‍රවර්ධනය කිරීමට විවිධ ආකාර වලින් කටයුතු කළ යුතු බවද  Li Keqiang මහතා කියා සිටියේය.

ප්‍රධාන ආර්ථික පළාත් ප්‍රතිසංස්කරණය ගැඹුරු කරමින් ඉහළ මට්ටමේ විවෘතභාවය ප්‍රවර්ධනය කරමින් විදේශ වෙළඳාම හා විදේශ ආයෝජන ස්ථාවර කිරීම අඛණ්ඩව පවත්වා ගත යා යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම