ඇමරිකා හමුදාව ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්වීමේ පළමු සංවත්සරය සැමරේ
2022-08-16 11:30:01
Share with:

ඇෆ්ගනිස්ථාන තාවකාලික රජය ඇමරිකා හමුදාව එරටින් ඉවත්වීමේ  පළමු සංවත්සරය සමරයි.

පසුගිය වසරේ අගෝස්තු මස 15 වනදා ඇෆ්ගනිස්ථාන Taliban සංවිධානයේ සන්නද්ධ පුද්ගලයෝ Kabul අගනුවරට ප්‍රවේශ වෙමින් අගනුවර පාලනය භාර ගත්හ. එදින ඇමරිකා හමුදාව ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කිරීම ආරම්භ විය. දැනට අගෝස්තු මස 15 වනදා ඇෆ්ගනිස්ථානයේ ජාතික නිවාඩු දිනයක් බවට පත් ව ඇත.

ඇමරිකාව හා සංධාන රටවල් ඇෆ්ගනිස්ථානය අත්පත් කර ගැනීමට එරෙහිව ජයග්‍රහණය ලබා ගැනීමේ පළමු සංවත්සර උත්සවය ඊයේ(15) පැවැත්විණ. ඇෆ්ගනිස්ථාන වැඩබලන අග්‍රාමාත්‍ය Hasan Akhund මහතා, වැඩබලන විදේශ ඇමති Amir Khan Muttaqi ඇතුළු නිලධාරීහූ ඊට සහභාගි වෙමින් ඇමරිකා හමුදාව ඇෆ්ගනිස්ථානයේ සිදු කළ දාමරික ක්‍රියා හෙළා දුටුවහ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම