මෙරටට අවශ්‍ය ඖෂධවලින් 40% ක් දේශීයව නිපදවීමේ ක්‍රියාවලිය සාර්ථකව ඉදිරියට
2022-08-16 18:32:57
Share with:

මෙරටට අවශ්‍ය ඖෂධවලින් සියයට 40ක් දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ දැනටමත් ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ඉන් සියයට 20 ක ඉලක්කයක් දැනටමත් සපුරාගෙන තිබේ.

ඖෂධ ආනයනයට වැයවන විශාල මුදලක් මෙමගින් ඉතිරි කරගත හැකි වේ. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නව ඖෂධ වර්ග 3 ක් නිපදවීම නිමිත්තෙන්, රත්මලානේ පිහිටි එම සංස්ථා පරිශ්‍රයේ ඊයේ (15)  පැවති උත්සවයකට එක්වෙමින් සෞඛ්‍ය ඇමතිවරයා මේ බව පැවසීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම