කෘෂි හා ආහාර නිෂ්පාදිත වෙළඳාමෙන් චීනයේ හා අප්‍රිකාවේ ජනතාවට ඉහළ ප්‍රතිලාභ
2022-08-16 17:16:09
Share with:

කෘෂි හා ආහාර නිෂ්පාදිත වෙළඳාම චීනයේ හා අප්‍රිකාවේ ජනතාවට වඩාත් වැඩි ප්‍රතිලාභ හිමි කර දෙනු ඇතැයි, චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ බෙයිජිංහි අද(16) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ අදාළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. අප්‍රිකාවෙන් කෘෂි හා ආහාර නිෂ්පාදිත ආනයනය ප්‍රවර්ධනය කිරීමට චීන රජය සක්‍රියව කටයුතු කරමින් සිටියි. දෙපාර්ශ්වයේ පොදු උත්සාහය යටතේ, චීන-අප්‍රිකානු කෘෂි හා ආහාර නිෂ්පාදිත වෙළඳාම දෙපාර්ශ්වයේ ජනතාවට වඩාත් වැඩි ප්‍රතිලාභ ගෙන දෙනු ඇතැයි ඔහු පැවසීය.

කෙන්යාව, දකුණු අප්‍රිකාව, බෙනින් හා ඊජිප්තුව ඇතුළු අප්‍රිකානු රටවල් 15ක කෘෂි හා ආහාර නිෂ්පාදිත 25ක්, චීනයට අපනයනය සඳහා වන ප්‍රවේශ අවසරය හිමිව ඇත. දැනට චීනය අප්‍රිකාවේ කෘෂි නිෂ්පාදිතවල දෙවැනි විශාලතම අපනයන ගමනාන්තය වේ. මෑත වසරවල අප්‍රිකාව චීනයට සිදු කළ කෘෂි නිෂ්පාදිත අපනයනය, වාර්ෂිකව සියයට  11.4කට වැඩි අනුපාතයකින් වර්ධනය වී තිබෙන බව වන් වෙන්බින් මහතා පෙන්වාදුන්නේය. 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම