චීන විද්‍යාත්මක පර්යේෂණ නෞකාව හම්බන්තොට වරායට පැමිණෙයි
2022-08-16 18:29:09
Share with:

යුවාන් වැන්ග් - 5 චීන විද්‍යාත්මක පර්යේෂණ නෞකාව හම්බන්තොට වරායට පැමිණෙයි. එය ලබන 22 වැනිදා දක්වා වරායේ නැංගුරම් ලා තැබීමට නියමිතය.

මෙම නෞකාවට හම්බන්තොට වරායට ඇතුළු වීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසර හිමි වුණේ, ඉකුත් 13 වැනිදා යි. ශ්‍රී ලංකාවේ සුවිශේෂ ආර්ථික කලාපය තුළ දී ස්වයංක්‍රීය හඳුනාගැනීමේ පද්ධතිය ක්‍රියාත්මක කර තබාගැනීම සහ මෙරට මුහුදේ කිසිදු විද්‍යාත්මක පර්යේෂණයක් සිදු නොකිරීමේ කොන්දේසි මත මෙම අවසරය ලබාදී තිබේ.

යුවාන් වැන්ග් - 5 නෞකාව මෙරටට පැමිණීමේ දිනය කල් දමන ලෙස ශ්‍රී ලංකා රජය අගෝස්තු 5 වැනිදා රාජ්‍යතාන්ත්‍රික සටහනක් තබමින්, කොළඹ චීන තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබිණ. නියමිත කාල සීමාව තුළ සැපයුම් ලබාගැනීම සඳහා නෞකාවට ආරක්ෂක අමාත්‍යාංශයෙන් අදාළ ආරක්ෂණ නිශ්කාෂණය ලැබී තිබුණේ, පසුගිය ජූලි 7 වැනිදා යි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම