ඇමරිකාවේ ජාතිවාදී අර්බුදය ජගත් සංවිධාන විශේෂඥයන්ගේ විවේචනයට ලක්වෙයි
2022-08-16 17:19:27
Share with:

ඇමරිකාවේ ජාතිවාදී අර්බුදය එක්සත් ජාතීන්ගේ සංවිධාන විශේෂඥයන්ගේ විවේචනයට ලක්වෙයි. ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (16) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස් දැක්වීය.

වාර්ගිකත්වය මුල්කරගෙන සිදුකරන සියලුම ආකාරයේ වෙනස්කම් තුරන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ සාමාජික රටක් වන ඇමරිකාව, තම දේශපාලන හැසිරවීම් සඳහා දිගුකාලීනව සෙසු රටවල ජාතිවාදය පිළිබඳ අසත්‍යයන් නිර්මාණය කරමින් සිටී. නමුත් ඇමරිකාවේ ජාතිවාදය ඉතා ඛේදනීය තත්ත්වයක පැවතීමේ සත්‍යයට එරට කිසිදා මුහුණ නොදුන් බව Wang Wenbin මහතා පෙන්වාදෙයි. වාර්ගික වෙනස්කම් කිරීම් තුරන් කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමේ සමාලෝචනය ඇමරිකාවට තවත් අනතුරු ඇඟවීමක් බව ද හෙතෙම කීය.

ඇමරිකාව එම සම්මුතිය අනුගමනය කිරීමේ තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය මෑත දිනවල සමාලෝචනයක් සිදුකර ඇත. අදාළ විවෘත වාර්තාවලට අනුව, එරට දිගුකාලීනව පවතින ජාතිවාදී ගැටලුව ජගත් සංවිධාන විශේෂඥයන්ගේ විවේචනයට ලක්ව ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම