තෙල් ගබඩා මූලස්ථානයක සිදු වූ ගිනිගැනීම නිසා චීනයෙන් කියුබාවට මානුෂීය සහනාධාර
2022-08-16 16:35:09
Share with:

කියුබාවේ තෙල් ගබඩා මූලස්ථානයක සිදු වූ ගිනිගැනීම හේතුවෙන් චීනය එරටට මානුෂීය සහනාධාර පිරිනමයි.  

චීනයේ රතු කුරුස සංගමය මගින්, ඇමරිකානු ඩොලර් ලක්ෂ 1.5ක හදිසි මානුෂීය මූල්‍යාධාර කියුබානු රතු කුරුස සංගමය වෙත භාරදීම කියුබානු විදේශ වෙළෙඳ හා විදේශ ආයෝජන පිළිබඳ අමාත්‍යංශයේ  දී ඊයේ ( 15) සිදුකෙරිණ. මෙම සහනාධාරය කියුබාවේ Matanzas පළාතේ තෙල් ගබඩා මූලස්ථානයේ සිදු වූ ගිනිගැනීමට අදාළ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ලබා දී තිබේ.

කියුබාවේ චීන තානාපති Ma Hui මහතා සහ කියුබානු විදේශ වෙළෙඳ හා ආයෝජන නියෝජ්‍ය අමාත්‍යවරයා එම උත්සවයට සහභාගි වී මූල්‍යාධාර භාර දීමේ සහතිකයට අත්සන් තැබූහ.

ආපදා සහන උපකරණ, ශ්වසන ආධාරක යන්ත්‍ර, ආරක්ෂක උපකරණ ඇතුළු මානුෂීය ආධාර හා මුදල් ලබා දී කියුබානු ජනතාව සමඟ එක්ව සිටීම සම්බන්ධයෙන්,  කියුබානු රතු කුරුස සංගමයේ උප සභාපතිනිය චීනයේ රතු කුරුස සංගමයට ස්තුතිය පළ කළාය.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම