ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටවල ජිනිවාහී නියෝජිතයන් හා චීන විදේශ ඇමතිවරයා අතර හමුවක්
2022-08-16 11:28:23
Share with:

ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටවල ජිනිවාහී  නියෝජිතයන් හා චීන විදේශ ඇමතිවරයා අතර හමුවක් මාර්ගගත ආකාරයෙන් පැවැත්වේ.

ඊයේ(15) එම හමුව සිදු විය. සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග එකමුතුවෙන් සහයෝගිතා පැවැත්වීමට චීනය කැමැත්තෙන් සිටී. සමානාත්මතාව හා අන්‍යෝන්‍ය වශයෙන් ගරු කිරීම මත විවෘත ලෙස විවිධ රටවල් සමග මානව හිමිකම් හුවමාරු හා සහයෝගිතා පැවැත්වීම, අන්‍යෝන්‍යව හැදෑරීම හා ඒකාබද්ධව වර්ධනය වීමට චීනය කැමැත්ත දක්වන බව චීන විදේශ ඇමති වං යී  මහතා එහිදී පැවසීය.

ඊට එක්වූ සෙසු නියෝජිතයන් පැවසුවේ තායිවානය හා ෂින්ජියං උයිගුර් ස්වායත්තය චීනයේ කොටසක් වන අතර චීන අභ්‍යන්තර කටයුතු වලට කවර පාර්ශ්වයක් හෝ මැදිහත් විය නොයුතු බවයි. සිය අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් චීනයේ සාධාරණ ක්‍රියාවන්ට ජගත් ප්‍රජාවේ ස්ථීර අනුබලය ලබා දිය යුතු බව ඔවුහු සඳහන් කළහ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම