තම සන්ධාන පාර්ශ්වයන් හා හවුල්කරුවන් වෙනුවෙන් වඩාත් නවීන ආකාරයේ අවි සැපයීමට රුසියාව සූදානම්
2022-08-16 15:32:38
Share with:

තම සන්ධාන පාර්ශ්වයන් හා හවුල්කරුවන් වෙනුවෙන් වඩාත් නවීන ආකාරයේ අවි සැපයීමට සූදානම් බව රුසියා ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා පවසයි.ශක්තිමත්ව නැගෙන වත්මන් බහුධ්‍රැවීය ලෝකයේ පුළුල්ම හා වඩාත් පරිපූර්ණම හමුදා තාක්ෂණ සහයෝගතාවන් සිදු කිරීම ‍රුසියාවේ ස්ථාවරය බවද හෙතෙම කියා සිටී.

ලතින් ඇමරිකාව, ආසියාව සහ අප්‍රිකාව සමග පවතින ඓතිහාසික, මිත්‍රශීලී හා සැබෑ විශ්වාසදායී සබඳතාවන් පිළිබඳව රුසියාව හෘදයාංගමව සතුටු වන බව ද හෙතෙම සඳහන් කළේ 2022 ජාත්‍යන්තර හමුදා තාක්ෂණ සංවාදය සහ 2022 ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා උළෙලේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.සෙසු රටවල් සමග සක්‍රීය ලෙස සහයෝගතා පවත්වමින් නව ආකාරයේ අවි සහ උපකරණ නිර්මාණයට රුසියාව අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේ ය.වැඩි විදේශ හමුදා සාමාජිකයන් පුහුණු කිරීම මෙන්ම ඒකාබද්ධ හමුදා අභ්‍යාස සිදු කිරීමටද රුසියා ජනාධිපතිවරයා ‍ අපේක්ෂා කරයි.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම