ජපානය මිලිටරිවාදයෙන් සම්පූර්ණයෙන්ම බැහැර විය යුතු බව චීනය පවසයි
2022-08-15 19:31:03
Share with:

ජපානය මිලිටරිවාදයෙන් සම්පූර්ණයෙන්ම බැහැර විය යුතු බව චීනය පවසයි.

“ජපානය දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පරාජය පිළිගෙන යටත් වීමේ දිනය” යෙදෙන අද (15), ජපාන අගමැති Fumio Kishida, Yasukuni අනුස්මරණ සිද්ධස්ථානයට පැමිණ පුණ්‍යාධාර මුදල් පරිත්‍යාග කළේය. මේදිනවල එරට ඇතැම් කැබිනට් සාමාජිකයෝ ද Yasukuni සිද්ධස්ථානයට ආචාරය පුදකිරීමට පැමිණියහ. ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අදහස් දැක්වීය.

Yasukuni සිද්ධස්ථානය යනු, ජපන් මිලිටරිවාදය සෙසු රටවල ආක්‍රමණශීලී යුද්ධ දියත් කිරීමේ ආධ්‍යාත්මික මෙවලමක් සහ සංකේතයක් බව ඔහු පෙන්වාදෙයි. ඇතැම් ජපාන දේශපාලනඥයින් Yasukuni සිද්ධස්ථානයට මුදල් පරිත්‍යාග කිරීම හා ඊට නමස්කාර කිරීම තුළින්, ඓතිහාසික කරුණු කෙරෙහි ජපානය තුළ පවතින වැරදි ආකල්ප පිළිබිඹු කෙරේ. චීනය රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ ජපානයට තරයේ කරුණු දක්වා ඇති අතර, සිය ස්ථිර ස්ථාවරය ද පැහැදිලි කර ඇති බව Wang Wenbin මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම