එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට එරෙහි අහේතුක මතවාද සත්‍යයෙන් බිඳවැටෙනු ඇතැයි චීනය කියයි
2022-08-15 18:50:26
Share with:

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට අපහාස කිරීමට පළ කෙරුණු අහේතුක මතවාද, සත්‍යය හමුවේ බිඳවැටෙනු ඇතැයි චීනය කියාසිටී. 

විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා මේ බව පැවසුවේ, බෙයිජිංහි අද(15) පැවති මාධ්‍ය හමුවකදීය. ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ පිළිබඳ බංග්ලාදේශ මුදල් ඇමති Mustafa Kamal මහතාගේ ප්‍රකාශයක් බ්‍රිතාන්‍ය Financial Times පුවත්පත විසින් විකෘති කර පළකෙරුණු අතර, බංග්ලාදේශ මුදල් අමාත්‍යංශය පසුගිය 12 වනදා එම පුවත්පතට ලිපියක් යවමින් කරුණු පැහැදිලි  කළ බව ද මාධ්‍යවේදියෙක් එම අවස්ථාවේදී සඳහන් කළේය. මේ පිළිබඳව චීනය දරන අදහස කුමක් දැයි ඔහු විමසීය.

Mustafa Kamal ඇමතිවරයා, විකෘති කෙරුණු වාර්තාවට එරෙහිව  කළ පැහැදිලිකිරීම තම අවධානයට ලක් වූ බව වං වෙන්බින් මහතා කියාසිටියේය. චීනය හා බංග්ලාදේශය අතර අන්‍යෝන්‍ය විශ්වාසය මින් පිළිබිඹු වෙයි. සංවර්ධනය වෙමින් පවතින විශාලතම රට වශයෙන් චීනය හැම විටම සෙසු සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග එක්ව, පොදු සංවර්ධනය හා පොදුවේ බෙදාගැනීම පිළිබඳ මූලධර්මය අනුව එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට අදාළ සහයෝගතා පවත්වා ඇතැයි ද ඔහු පැවසීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම