රාජ්‍ය වියදම් සීමාකිරීමේ භාණ්ඩාගාර චක්‍රලේඛය දැඩි ලෙස පිළිපදින්නැයි ජනපතිගෙන් උපදෙස්
2022-08-15 18:12:24
Share with:

රජයේ වියදම් සීමාකිරීම පිළිබඳ භාණ්ඩාගාර චක්‍රලේඛය දැඩි ලෙස පිළිපදින්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දෙයි. අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, සංස්ථා ප්‍රධානීන්, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු ව්‍යාපාර වෙත මෙම නියෝගය නිකුත් කර ඇත.

රජයේ මූල්‍ය මෙහෙයුම්වල ඇති බරපතල ගැටලු විසඳීම, අත්‍යවශ්‍ය ආනයන සඳහා මුදල් සැපයීම සහ විදේශ ණය සේවා බැඳීම් සපුරාලීමට ප්‍රමාණවත් විදේශ විනිමය නොමැතිකම සැලකිල්ලට ගනිමින් මෙම මාර්ගෝපදේශ නිකුත් කර ඇති බව චක්‍රලේඛයේ සඳහන් වේ.

ඒ අනුව ඉන්ධන, විදුලිය, ජලය සහ සන්නිවේදන පහසුකම් ඇතුළු උපයෝගිතා සේවා භාවිතය සම්බන්ධයෙන් දැඩි පාලන පනවා ඇත. නව ගොඩනැගිලි සම්බන්ධයෙන් නව කුලී හෝ බදු ගිවිසුම්වලට එළඹීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ. බඳවාගැනීම් වහාම අත්හිටුවිය යුතු අතර, සේවකයන්ට නව දීමනා නොගෙවිය යුතුය. විද්‍යුත් සන්නිවේදන වේදිකා භාවිත කරන ලෙසත්, කඩදාසි භාවිතය හැකිතාක් අඩු කරන ලෙසත් සියලුම ආයතනවලට උපදෙස් දී ඇත.

 

 

 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම