ජපානය සිය ආක්‍රමණ ඉතිහාසය ප්‍රතික්ෂේප කිරීම පිළිගත නොහැකි කරුණක් බව අවධාරණය කෙරේ
2022-08-15 14:58:06
Share with:

ජපානය සිය ආක්‍රමණ ඉතිහාසය ප්‍රතික්ෂේප කිරීම පිළිගත නොහැකි කරුණක් බව විද්වත්හු පවසති.

1945 වසරේ අගෝස්තු 15වැනි දා, පරාජයට පත් වූ බව ජපානය කොන්දේසි විරහිතව ප්‍රකාශ කළේ ය. ප්‍රබල සාක්ෂි මගින් එම සත්‍යය හෙළිදරව් වුවද, ජපානයේ ඇතැම් බලවේග සිය ආක්‍රමණ ඉතිහාසය වරින් වර ප්‍රතික්ෂේප කිරීම, විකෘති කිරීම මෙන්ම එම ඉතිහාසය අලංකාරවත් කිරීම පවා සිදු කර තිබේ.

මේ පිළිබඳව මැලේසියානු ප්‍රවීණ මාධ්‍යවේදී Chong Tien Siong මහතා සඳහන් කරන්නේ, ජපානය සිය ආක්‍රමණ ඉතිහාසය ප්‍රතික්ෂේප කිරීම මෙන් ම සිය අභිමතය පරිදි පෙළ පොත් වෙනස් කිරීම කිසිසේත් ම පිළිගත නොහැකි කරුණක් බවයි. මෙවන් ක්‍රියා හිතාමතා සත්‍යය විකෘති කිරීමකි. මෙය අපරාධයක් ලෙස සැලකිය හැකි බව ද ඔහු කියාසිටී.

පිලිපීනයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශේෂඥවරියක වන මහාචාර්ය Anna Malindog පවසන්නේ, හිංසාකාරී ක්‍රියාවන්හි නිරත වූ බවට ජපාන රජය හා එරට පුරවැසියන් අනිවාර්යයෙන් ම පිළිගත යුතු බවයි. විවිධ රටවල දී ඔවුන් පිළිකුල් සහගත ක්‍රියාකාරකම් රාශියක් සිදු කර තිබේ. ඔවුන් ලිංගික වහල් සේවයෙහි යෙදවූ කාන්තාවෝ බොහෝ රටවල සිටිති. ඊට සාක්ෂි ඇති බව ද ඇය කියාසිටී.



ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම