චීනයේ ප්‍රධාන විදේශ අරමුදල් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කඩිනම් කෙරේ
2022-08-15 10:12:15
Share with:

මෙම වසරේ මුල් භාගයේදී, ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ඉක්මවූ දැවැන්ත ව්‍යාපෘතිවලින් ලද සැබෑ ප්‍රාග්ධනය පසුගිය වසරට වඩා 30.2%කින් වර්ධනය වී ඇතැයි හෙළි වේ. චීන වාණිජ අමාත්‍යාංශ සංඛ්‍යාලේඛන මගින් මේ බව තහවුරු කර ඇත. මෙය, චීනයේ ආකර්ෂණීය විදේශ ආයෝජනවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් වන අතර, එහි වර්ධනයට පැහැදිලි ගාමක බලපෑමක් එල්ලකර තිබේ. මෙමගින් චීනයේ සැබෑ විදේශ ප්‍රාග්ධන භාවිතය අඛණ්ඩව වර්ධනය වී විදේශ ආයෝජන ව්‍යුහය ද ප්‍රශස්ත වීම කැපීපෙනේ.

චීන වාණිජ අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ දෙපාර්තමේන්තු විදේශ ආයෝජන ස්ථාවර කිරීම සඳහා තවදුරටත් නිසි පියවර ක්‍රියාවට නංවා ඇත. මේ යටතේ "විදේශ ආයෝජන සඳහා දිරිගන්වන ලද කර්මාන්ත නාමාවලිය" කඩිනම් සංශෝධනය ඇතුළු හිතකර ප්‍රතිපත්ති මාලාවක් මෙම වසරේ දෙවන භාගයේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය. ඵලදායී ප්‍රතිපත්ති සමඟින්, වැඩි විදේශීය ව්‍යවසායන් චීනයේ තම ආයෝජන පුළුල් කිරීමටත්, වසර පුරා අවශෝෂණය කර ගන්නා විදේශ ආයෝජනවල ප්‍රමාණය හා ගුණාත්මක භාවයේ ද්විත්ව වැඩිදියුණු කිරීම ප්‍රවර්ධනයටත් අපේක්ෂා කරන බව විශ්ලේෂණය කර ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම