ඇමරිකා හමුදාව තම රටේ ස්වභාවික සම්පත් සොරකම් කරමින් සිටින බව සිරියාව පවසයි
2022-08-14 16:21:53
Share with:

ඇමරිකා හමුදා තම ‍රටෙන් සොරකම් කරන ලද ඛණිජ තෙල් , බවුසර 89 කින් ඉරාකයේ ඇමරිකා හමුදා කඳවුරු වෙත රැගෙන ගිය බව සිරියාව පවසයි. al-Mahmoudieh ප්‍රදේශය හරහා එම ඛනිජ තෙල් රැගෙන ගොස් තිබේ.එම මාර්ගයෙන්ම දින දෙකකට පෙරදී ද බවුසර රථ 144කින් ඛනිජ තෙල් රැගෙන ගොස් ඇත.මෙය ඇමරිකාව ජාත්‍යන්තර මූලධර්ම උල්ලංඝනය කිරීමේ ක්‍රියාවන් ගෙන් කොටසක් මෙන්ම සෙසු රටවල ස්වභාවික සම්පත් කොල්ලකමින් එම රටවල ජනතාව කුසගින්නේ තැබීමේ ක්‍රියාවක් බවත් සිරියා රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.ඇමරිකාව තම රටේ ඛනිජ තෙල් , ගෑස් සහ තිරිගු පිටි සොරකම් කරන බවට සිරියා රජය දීර්ඝ කාලයක් පුරා චෝදනා කරමින් සිටී.

 

 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම