චීනයේ යුවාන් වැන්ග් ෆයිව් පර්යේෂණ නෞකාවට ලබන අගහරුවාදා හම්බන්තොට වරායට
2022-08-14 18:54:09
Share with:

චීනයේ යුවාන් වැන්ග් ෆයිව් පර්යේෂණ නෞකාවට ලබන අගහරුවාදා හම්බන්තොට වරායට ඇතුල්වීමට විදේශ කටයුතු අමාත්‍යංශය අවසර දෙයි. ඒ අනුව වරායට ඇතුලුවීමට අදාළ ලිපි වරාය පාලකවරයා වෙත යොමු කර ඇත. ලබන 22 වැනි දා දක්වා එය නැංගුරම් ලා තැබීමට අවසර දෙන ලෙසට විදේශ කටයුතු අමාත්‍යංශය වරාය පාලකවරයාගෙන් ඉල්ලා සිටී.

මෙම නෞකාව පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණ ද ඉන්දියාවෙන් එල්ල වු විරෝධය හමුවේ එහි පැමිණීම පමා විය. නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේ කලාපීය ආරක්ෂාවට බලපෑම් නොවන අයුරින් කටයුතු කරන බවයි

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම