ආනයනික අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයන්ට ලැබෙන්නේ දැයි සොයා දිවයින පුරා වැටලීම්
2022-08-14 18:53:18
Share with:

ආනයනික අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයන්ට ලැබෙන්නේ දැයි සොයා දිවයින පුරා වැටලීම් සිදු කරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ අනුව, සුපිරි වෙළඳසැල් සහ සිල්ලර වෙළඳසැල් ආශ්‍රිතව එම වැටලීම් සිදු කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දුන් බව අමාත්‍යවරයා සදහන් කියා සිටී. විවෘත ගිණුම් හරහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට තොග වෙළඳුන්ට අවස්ථාව ලැබී තිබේ.

ඒ හරහා ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන්වල අඩුවීමක් දක්නට ලැබේ. එම වාසිය සුපිරි වෙළඳසැල් හා සිල්ලර වෙළඳුන්, පාරිභෝගිකයන්ට ලබා දෙන්නේ දැයි සොයා මෙලෙස වැටලීම් සිදු කරන බව අමාත්‍යවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම