රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් සදුදා සිට නියමිත පරිදි පැවැත්වීමට පියවර
2022-08-14 18:52:31
Share with:

රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් ලබන සදුදා සිට සතියේ දින 5 ම සාමාන්‍ය වේලාවන්වල දි පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරයි. ඒ අනුව පෙරවරු 7 30 සිට පස්වරු 1 30 දක්වා පාසල් පැවැත්වේ. ප්‍රවාහන අපහසුතා සහිත ප්‍රදේශවල විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ සිසුන් සදහා සුදුසු ප්‍රවාහන වැඩපිලිවෙළක් සකස් කිරිමට සියලුම පළාත් බලධාරින් වෙත අමාත්‍යංශය උපදෙස් දී තිබේ. ඉදිරි තෙමසක පාසල් කාලය විෂය ඉගැන්විම් සදහා පමණක් යොදාගත යුතුය. විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍රියාකාරකම් පාසල් කාලයෙන් පරිභාහිරව සිදු කිරීමටත්  පාසල්වල පැවැත්වෙන උත්සව ආදිය තවදුරටත් සීමා කිරීමටත් අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දි ඇත.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම