ගෝලීය සංවර්ධන මුලපිරුම ඒකාබද්ධ ව ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජාත්‍යන්තර සිවිල් සමාජයේ හුවමාරු සම්මන්ත්‍රණය පැවැත්වේ
2022-08-13 19:01:27
Share with:

ගෝලීය සංවර්ධන මුලපිරුම ඒකාබද්ධ ව ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජාත්‍යන්තර සිවිල් සමාජයේ හුවමාරු සම්මන්ත්‍රණය මාර්ගගත හා මාර්ගගත නොවන ආකාරවලින් ඊයේ(12)  පැවැත්විණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් , චීන සිවිල් සංවිධානවල ජාත්‍යන්තර හුවමාරු ප්‍රවර්ධන සංගමයේ ප්‍රමූඛත්වයෙන්, එය පැවැත්විණ

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ සම්බන්ධතා  දෙ‍පා‍ර්තමේන්තුවේ  ඇමති Liu Jianchao මහතා එහිදී පෙන්වා දුන්නේ, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය සංවර්ධන මුලපිරීම් සඳහා ජාත්‍යන්තර ප්‍රජාවේ ධනාත්මක ප්‍රතිචාර සහ සහභාගීත්වය ලැබී ඇති බවයි. ජාත්‍යන්තර සිවිල් සමාජය යනු ගෝලීය සංවර්ධන හවුල්කාරීත්වය ගොඩනැගීම සඳහා වැදගත් බලවේගයකි. ජාත්‍යන්තර සිවිල් සමාජය සමඟ, ගෝලීය සංවර්ධනය සඳහා පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව, Liu Jianchao මහතා සඳහන් කළේ ය.

මෙම සම්මන්ත්‍රණයට එක්වූ විදේශ නියෝජිතයන් පෙන්වා දුන්නේ, එක්සත් ජාතීන්ගේ 2030 තිරසර සංවර්ධන න්‍යාය පත්‍රයේ ඉලක්ක  කඩිනමින් ඉටු කර ගැනීම ප්‍රවර්ධනය කිරීම සඳහා, ගෝලීය සංවර්ධන මුලපිරුම මගින් සපයන සහයෝගීතා වේදිකාව, ජාත්‍යන්තර සිවිල් සමාජය මැනවින් භාවිත කරනු ඇති බවයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම