ජාතික ඩෙංගු මදුරු මර්දන සතියක් මේ මස අවසානයේදී
2022-08-13 15:34:47
Share with:

ජාතික ඩෙංගු මදුරු මර්දන සතියක් මේ මස අවසානයේදී ප්‍රකාශයට පත් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

මේ වසරේ ආරම්භයේ සිට මේ දක්වා ඩෙංගු ආසාදිතයන් 50,000ක් වාර්තා වී ඇති බවද ඔහු පැවසුවේය.

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී ඩෙංගු රෝගය වසංගතයක් දක්වා වැඩි වී ඇති බවත් ඩෙංගු වසංගතය මර්දන කිරීම  ජාතික ඩෙංගු මදුරු මර්දන සතියේ අරමුණ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

රට පුරා ඩෙංගු අධි අවදානම් කලාප 66ක් පවතින බවත් වාර්තා වන ඩෙංගු ආසාදිතයන්ගෙන් සියයට 51.8ක් බස්නාහිර පළාත තුළ බවත් හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම