හිටපු ‍ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ෆ්ලොරිඩාවේ පිහිටි නිවාඩු නිකේතනය පරීක්ෂා කිරීමට නිකුත් කෙරුණු වරෙන්තුවෙන් තොරතුරු රැසක්
2022-08-13 17:16:22
Share with:

ඇමරිකාවේ හිටපු ‍ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ  ෆ්ලොරිඩාවේ පිහිටි නිවාඩු නිකේතනය පරීක්ෂා කිරීමට නිකුත් කෙරුණු වරෙන්තුවේ  තොරතුරු රැසක් හෙළිවෙයි.එරට විනිසුරුවරයෙකු විසින් එම වරෙන්තුව ඉදිරිපත් කර ඇත. එම වරෙන්තුව මගින් පරීක්ෂකයන්ට වර්ගීකරණය කරන ලද ඕනෑම භෞතික ලියවිල්ලක් සිය භාරයට ගැනීමට අවසර ලබා දී තිබිණ.ජාතික ආරක්ෂක තොරතුරු හෝ වර්ගීකරණය කරන ලද ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම, ගබඩා කර තැබීම, හෝ සම්ප්‍රේෂණයට අදාළ තොරතුරු ද ඊට අයත්ය.පරීක්ෂකයන්ට ට්‍රම්ප් ගේ ජනාධිපති ධුර සමයේ රජයට සම්බන්ධ වාර්තා ලබා ගැනීමට ද එම වරෙන්තුව මගින් අවසර ලබා දී තිබිණ. කිසියම් රජයක හෝ ජනාධිපති ලේඛනවල හෝ වර්ගීකරණ සලකුණු සහිත ලේඛනවල හිතා මතා වෙනස් කිරීම, විනාශ කිරීම හෝ සැඟවීම පිළිබඳ කිසියම් සාක්ෂියක් වෙත්නම් ඒ පිළිබඳ පරීක්ෂාව ද ඊට අයත්ය.

ඒ අනුව ට්‍රම්ප් ගේ නිවාඩු නිකේතනයෙන් සොයා ගෙන ඇති අයිතම ගණන 33කි. ඉන් 11ක් ඉතා රහසිගත ,රහසිගත හෝ රහස්‍ය වශයෙන් වර්ගීකරණය කරන ලද ඒවා වෙයි.මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එම ලියවිලි සියල්ලම වර්ගීකරණය නොකරන ලද ඒවා බවයි.ඇමරිකා අධිකරණ දෙපාර්තමේන්තුව දේශපාලන ක්‍රීඩාවක නිරතව සිටින බවට ද හෙතෙම චෝදනා කරයි.

 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම