පාකිස්ථානයේ විදේශ විනිමය සංචිතය පහළට
2022-08-12 15:59:01
Share with:

පාකිස්ථානයේ විදේශ විනිමය සංචිතය පහත වැටේ.

අගෝස්තු මස 5වැනිදා වන විට, පාකිස්ථාන රාජ්‍ය බැංකුව සතුව පැවති විදේශ විනිමය සංචිතය ඇමරිකා ඩොලර් බිලියන 7.8303 කි. එය 2019 වසරේ ඔක්තෝම්බර් මාසයෙන් පසු  අඩුම අගයයි. පාකිස්ථාන රාජ්‍ය බැංකුව ඊයේ (11) නිකුත් කළ දත්ත මගින් මේ බව හෙළිවිය. වර්තමානයේ රජය සතුව පවතින විදේශ විනිමය පහළ මට්ටමකට පත්ව ඇත්තේ විදේශ ණය සහ වෙනත් ගෙවීම් හේතුවෙන් බව පාකිස්ථාන රාජ්‍ය බැංකුව පැවසීය. ඉදිරි සති තුන තුළ ණය ආපසු ගෙවීම මන්දගාමී වනු ඇතැයි පාකිස්ථාන රාජ්‍ය බැංකුව පවසා තිබේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම