යුරෝපා සංගම් තානපතිවරුන් හා ජනාධිපතිවරයා අතර හමුවක්
2022-08-12 18:25:32
Share with:

GSP ප්ලස් , IMF හා මානව හිමිකම් කවුන්සිලය යන ක්‍රියාවලි සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා  රජය විසින් ස්ථිර පියවර ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව යුරෝපා සංගමය පවසයි. ඔවුන් ඒ බව නිවේදනය කළේ යුරෝපා සංගමයට අයත් රටවල තානාපතිවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමෙන් අනතුරුවයි.

ඒ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරන යුරෝපා සංගමය පැවසුවේ මෙම අභියෝගාත්මක කාලසීමාව තුළ තම සංගමය ශ්‍රී ලංකාවේ හවුල්කරුවෙකු ලෙස පෙනී සිටින බවයි. සිවිල් හා මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට මෙන්ම සියල්ලන්ටම වඩා ප්‍රකාශනයේ නිදහස හා විරෝධතාවට ඇති අයිතිය අතිශයින් වැදගත් බව යුරෝපා සංගමය පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම