යල කන්නයේ ඉහළ අස්වැන්නක්
2022-08-12 18:26:26
Share with:

යල කන්නයේ සිදු කළ වගාවන්ගෙන් ඉතා ඉහළ අස්වැන්නක් ලැබෙමින් පවතින බව ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස් චමින්ද ඒකනායක මහතා ප්‍රකාශ කරයි. වගා කළ කුඹුරු හෙක්ටාර 18 දහසක පමණ අස්වැන්න මේ වනවිට නෙලා අවසන්ය. පසුගිය යල කන්නයේ වගා ආරම්භයේදී යුරියා පොහොර නොමැති වීමෙන් ගොවි ජනතාව සුලු යුරියා ප්‍රමාණයක් වැඩි මිලට ගෙන කාබනික පොහොර මිශ්‍ර කර වගාවට යොදා තිබේ. එම ක්‍රමවේදය ඉතා සාර්ථක තත්ත්වයට පත්ව ඇති බවද ඔහු පෙන්වා දෙයි. ඉදිරි මහ කන්නයේ වී වගාව සදහා ප්‍රමාණවත් ලෙස ජලය රැස්කරගත හැකි පරිදි වර්ෂාව ලැබී තිබෙන බව ද නියෝජ්‍ය කොමසාරිස්වරයා සදහන් කරයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම