අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයන් 09 දෙනෙකු අත් අඩංගුවට
2022-08-12 18:28:03
Share with:

මුලතිව් මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමගින් ඉන්දීය ධීවරයෝ 09 දෙනෙක් අත් අඩංගුවට ගැනෙති.

ඉන්දීය ධීවරයින් විසින් මුලතිව් මුහුදු තීරයට ඇතුලු වී මසුන් අල්ලමින් සිටියදී නැගෙනහිර නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් ඔවුන් අත් අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් විසින් අල්ලා තිබූ මසුන් සමගින් ධීවර ආම්පන්නද නාවික හමුදා භාරයට ගෙන තිබේ.ධීවරයින් 09 දෙනා වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රීකුණාමලය ධීවර පරික්ෂක කාර්යාලයට භාරදී ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම