එකම චීනය මූලධර්මය අනුගමනය කරන බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය යළි අවධාරණය කරයි‍
2022-08-12 11:08:30
Share with:

එකම චීනය මූලධර්මය අනුගමනය කරන බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ප්‍රධාන ලේකම් Rafael Grossi මහතා යළි අවධාරණය කරයි‍. Rafael Grossi මහතා මේ බව පැවසුවේ, වියානා හි එක්සත් ජාතීන් සහ සෙසු ජාත්‍යන්තර සංවිධාන සඳහා චීන නිත්‍ය දූත මණ්ඩල තානාපති Wang Qun මහතා සමඟ පැවැත්වූ දුරකථන සංවාදයකදීය.

තායිවාන ප්‍රශ්නය පිළිබඳ එම ඒජන්සියේ ස්ථාවරය වෙනස් වී නොමැති බව Rafael Grossi මහතා පෙන්වා දුන්නේය. එක්සත් ජාතීන් පද්ධතියේ කොටසක් වන එම ඒජන්සිය, එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනයේ අදාළ යෝජනා සහ එකම චීනය මූලධර්මය අනුගමනය කරන බව ද හෙතෙම පැවසීය.

1971 වසරේ ඔක්තෝබර් මාසයේ පැවති 26 වැනි එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනය සම්මත කළ 2758 වැනි යෝජනාවට අනුව, චීන මහජන සමූහාණ්ඩු රජයේ නියෝජිතයා, චීනයේ එකම නීත්‍යනුකූල නියෝජිතයා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගනී.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම