ලෝක විපර්යාසයන්ට තිරසර විසඳුම් සොයන චීනය
2022-08-11 12:01:14
Share with:

මේ වනවිට ලෝකය කැළඹිලි සහ වෙනස්වීම් පිළිබඳ නව කාල පරිච්ඡේදයකට පිවිස ඇති අතර, සාමය හා සංවර්ධනය යන ක්ෂේත්‍ර මෙහිදී දැඩි අභියෝගවලට මුහුණදෙයි. මෙම වසර ආරම්භයේ සිටම, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, සංවර්ධනයේ ප්‍රවණතාව පිළිබඳ ගැඹුරු අවබෝධයකින් යුතුව, පශ්චාත් වසංගත ලෝකය ගොඩනඟන්නේ කෙසේද සහ ලෝකය ගමන් ගන්නේ කොතැනටද වැනි ප්‍රශ්න මාලාවකට සන්සුන්ව ප්‍රතිචාර දැක්වීය. හෙතෙම පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම සඳහා චීනයේ සැලැස්ම ඉදිරිපත් කර තිබේ.

මෙම වසරේ පෙබරවාරි මාසයේ කොරොනා වසංගතය මනාව වැළැක්වීම හා පාලනය කිරීම මත, බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල සාර්ථක ලෙස පවත්වනු ලැබීය. එම ශීත සෘතු ක්‍රීඩා උළෙලේදී රටවල් හා ජාත්‍යන්තර සංවිධාන 70කට ආසන්න ප්‍රමාණයක නිල නියෝජිතයෝ 170ක් පමණ, රාජ්‍ය නායකයෝ, වැදගත් රාජකීය සාමාජිකයෝ සහ ජාත්‍යන්තර සංවිධාන ප්‍රධානීහු 31 දෙනෙක්, බෙයිජිං අගනුවර වෙත පිළිගනු ලැබූහ. වසර තුනක් තිස්සේ පවතින කොරොනා වසංගත තත්ත්වය යටතේ පවා, මාර්ගගත නොවන ආකාරයෙන් පැවති එවන් උළෙලක සත්කාරකත්වය දරමින් චීනය ඉටුකළ ජාත්‍යන්තර මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාකාරකම බොහෝ අවධානයට ලක්ව ඇත.

මෙම වසර වන විට  චීනය තුන් වතාවක් බ්‍රික්ස් සභාපති රටක් බවට පත් ව තිබේ. පසුගිය ජූනි අගභාගයේ බ්‍රික්ස් “චීන වසර”යන රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාකාරකමේ උච්චතම අවස්ථාව එළැඹිණ. බ්‍රික්ස් රටවල කර්මාන්ත හා වාණිජ සංසදය, බ්‍රික්ස් රටවල 14වැනි නායක හමුව සහ ගෝලීය සංවර්ධනය පිළිබඳ උසස් මට්ටමේ සංවාදය මාර්ගගතව හා මාර්ගගත නොවන ආකාරයෙන් පිළිවෙළින් පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඒවාට සහභාගි වී වැදගත් දේශන පළකරමින් ගෝලීය සංවර්ධනය හා සහයෝගිතාව සඳහා නිසි මාර්ගය පෙන්වා දී තිබේ.

මෙම වසරේ සිට RCEP ගිවිසුම නිල වශයෙන් බලාත්මක වීම මගින්, ආසියාව වඩා විවෘත දැවැන්ත වෙළඳපොළක් බවට පත්වීම කෙරෙහි  සාධනීය බලපෑම් එල්ල කර ඇත. මෙම වසරේ මුල් මාස 7 තුළ චීනය හා ආසියාන් සංගමය අතර සමස්ත වෙළඳ වටිනාකම යුවාන් ට්‍රිලියන 3.53කි. එම ප්‍රමාණය පසුගිය වසරේ අදාළ කාලසීමාවට වඩා 13.2%ක වර්ධනයක් ද වේ. එසේම, චීනය දකුණු කොරියාව සහ නවසීලන්තය සමඟ සිදුකරන වෙළඳාමේ පරිමාණය වැඩි වී තිබීම ද කැපීපෙනේ.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම