ඇමරිකාවේ ලෝක ආධිපත්‍යයේ පැවැත්ම පිළිබඳ ජනමතය ශීඝ්‍රයෙන් බිඳවැටේ
2022-08-11 12:21:56
Share with:

ඇමරිකාවේ ලෝක ආධිපත්‍යය දිගටම පවතිනු ඇති බවට පවතින ජනමතය ශීඝ්‍රයෙන් පහත වැටෙයි.

ගෝලීය ජනමත සමීක්ෂණයකදී ඇමරිකාවේ ආධිපත්‍යය දිගටම පවතිනු ඇති බවට විශ්වාසය පළකර ඇත්තේ 6.31% ක පිරිසක් පමණකි. චීනයේ CGTN නාලිකාව හා රෙන්මින් විශ්වවිද්‍යාලය එක්ව එම සමීක්ෂණය සිදු කර ඇත. රටවල් 22 ක පුද්ගලයන් ඊට එක්වූ අතර ඉන් බහුතර පිරිසක්, රාජ්‍ය පාලනය සහ ජාත්‍යන්තර හුවමාරුවේදී චීනය විසින් යෝජනා කරන ලද වටිනා සංකල්ප සමඟ බෙහෙවින් එකඟ වෙති.

මානව හිමිකම් සම්බන්ධයෙන් සැලකීමේදී සමීක්ෂණයට එක්වූවන්ගෙන් 57.36%ක් ප්‍රකාශ කළේ, චීනය සැමවිටම මානව හිමිකම් ගැටලුවලදී සත්‍යය මත ක්‍රියාකරන බවයි. ජනතාවගේ ප්‍රීතිමත් ජීවිතය ශ්‍රේෂ්ඨතම මානව අයිතිවාසිකම වන අතර ජනතාවගේ ජීවන හා සංවර්ධන අයිතීන් ආරක්ෂා  කළ යුතු බවට ද ඔවුන් විශ්වාසය පළ කර තිබේ.

ඇතැම් සංවර්ධිත රටවල් මානව හිමිකම් ආයුධ ලෙස භාවිත කරමින් මානව හිමිකම්වල ද්විත්ව ප්‍රමිති ක්‍රියාත්මක කර මානව හිමිකම් ප්‍රශ්න දේශපාලනීකරණය කරයි. සමීක්ෂණයට එක්වූවන්ගෙන් 55.99%ක් විශ්වාස කරන්නේ එවැනි ක්‍රියාවන්ගෙන් "විවිධ රටවල ජනතාව සතු පුළුල් නිදහසට සහ ජීවත්වීමේ අයිතිය භුක්ති විඳීමට බාධා එල්ලවනු ඇති" බවයි.

එසේම, අනාගතයේදී චීනය “ගෝලීය ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ”ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇති බවට, ජනමත විමසුමට එක් වූ පිරිසෙන් 76.23%ක් විශ්වාසය පළකර තිබීම ද කැපීපෙනෙන කරුණකි.



ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම