2022 ලෝක 5ජී සම්මේලනය ඇරඹේ
2022-08-11 09:36:43
Share with:


 2022 ලෝක 5ජී සම්මේලනය ඇරඹේ.

චීනයේ හර්බින් නගරයේ දී ඊයේ(10) ඇරඹුණු එම සම්මේලනයේ තේමාව වනුයේ ‘5ජී+, සැමගෙන් සැමට’ යන්නය. මෙම වස‍ර 5ජී තාක්ෂණය වාණිජ සේවාවන් සඳහා යොදාගැනීමේ තුන් වැනි සංවත්සරය වේ. මේ වනවිට චීනයේ 5ජී තාක්ෂණයේ මහා පරිමාණ උපයෝග අදියරක් ආරම්භ වී ඇති අතර, එම තාක්ෂණයේ වාණිජ භාවිතය යහපත් වර්ධන සංසරණයකට පිවිස තිබෙන බව අදාළ ක්ෂේත්‍රයේ ප්‍රධානියෙක් කියා සිටියේය. 

දැනට ලෝකයේ 200කට වැඩි ව්‍යාපාර 5ජී වාණිජ අන්තර්ජාල සකස් කර ඇත. මෙම වසරේ අගභාගය වන විට ලෝකයේ 5ජී සම්බන්ධතා සංඛ්‍යාව කෝටි 120ක් වනු ඇතැයි තක්සේරු කර තිබේ. ඉදිරි වසර කිහිපය, 5ජී යෙදුම් පරිසරය පෝෂණය කිරීමේ වැදගත් කාලසීමාවක් වනු ඇත.

දැනට, විශාල පරිමාණයේ මෙන් ඉහළ ගුණාත්මක අන්තර්ජාල යටිතල පහසුකම් චීනයේ සංවර්ධනය කර තිබේ. 5ජී තාක්ෂණ සංවර්ධනය, විශාල පරිමාණයේ අන්තර්ජාල ගොඩනැගීමේ සිට, උපයෝජනය හා ප්‍රචලිතවීම කරා වර්ධනය කිරීම කඩිනම් කර ඇත. 5ජී තාක්ෂණය, කාර්මික, බලශක්ති, සෞඛ්‍ය සේවා, කෘෂිකර්මය ඇතුළු කර්මාන්ත සමග සංයුක්ත ලෙස සංවර්ධනය කිරීමට ද චීනය පියවර ගනී.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම