ශ්‍රී ලංකාවට ඔත්තු බැලීමේ ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඉන්දියාවේ තීරණයක්
2022-08-11 17:12:35
Share with:

ශ්‍රී ලංකාවට ඔත්තු බැලීම සදහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඉන්දියාව තීරණය කරයි. ඩ්‍රෝනියර් 228 ලෙස හදුන්වන එම ගුවන් යානය අගෝස්තු 15 වනදාට යෙදෙන ඉන්දීය නිදහස් දිනය ශ්‍රී ලංකාවට භාරදීමට නියමිත බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා සඳහන් කර තිබේ.

වසර තුනක් පුරා ඉන්දියාව සමග සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසට එම ගුවන් යානය ශ්‍රී ලංකාවට හිමි‍ වෙයි.

ඔත්තු බැලීම සදහා එලෙස ශ්‍රී ලංකාවට  පිරිනැමෙන්නේ ඉන්දීය තාක්‍ෂණයෙන් නිර්මාණ වූ ගුවන් යානයකි. ඒ පිළිබද හැදෑරීම සදහා ගුවන් නියමුවන්ගෙන් සැදුම්ලත් ගුවන් හමුදාවේ 15 දෙනෙකුගෙන් යුත් පිරිසක් මාස 4 ක සිට ඉන්දියාවේ පුහුණුව ලබන බව ගුවන් හමුදාපතිවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම