පොදු සම්මතයන්ට එරෙහිවීමෙන් ලෝකයට ගෙන එන්නේ අගතියක් මිස සුගතියක් නොවේ
2022-08-11 14:53:34
Share with:

ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාව රටක පරම හිමිකම් බව බියගම ප්‍රදේශීය සභා මන්ත්‍රී අශෝක් හේමන්ත පනාවල මහතා පවසයි.ශිෂ්ඨසම්පන්න සමාජයක් එවැනි පරම හිමිකම් උල්ලංඝනයක් කිසිසේත් පිළි‍ නොගනී. එක්සත් ජාතීන් ගේ සංවිධානය පිහිටුවීමට මූලික වූ ප්‍රධානතම සාධකයද ලෝක යුධ තත්ත්වයන් ගෙන් සිදුවූ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාවන් උල්ලඝනය කිරීම් යළි කිසිදු දිනෙක සිදු නොවීමට වග බලා ගැනීමය.එහෙත් ඇතැම් රටවල් වර්තමාන පරිසරය තුළ ද එවැනි උල්ලංඝනය කිරීම් සිදු කරන ආකාරයක් දැක ගත හැකිය.එය පොදු සම්මතයන්ට එරෙහිවීමක් බවද හෙතෙම කියා සිටී. එවැනි ක්‍රියා කලාපයන් ගෙන් ලෝකයට ගෙන එන්නේ අගතියක් මිස සුගතියක් නොවේ. විවිධ රටවලට ආවේණික වූ දේශපාලන ,ආර්ථික හා සාමාජීය පරිසරයන් තිබේ.එය තවත් රටක පවතින ස්වභාවයට වඩා ඉඳුරාම වෙනස් විය හැක. එවැනි වෙනස්කම් පිළිගෙන සෙසු පාර්ශ්වයන් ගේ අයිතිවාසිකම් සුරැකීම සියල්ලන්ගේම වගකීම විය යුතු බවද පනාවල මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම