"තායිවාන ප්‍රශ්නය හා නව යුගයේ චීනයේ එක්සත් ව්‍යායාමය" නමැති ධවල පත්‍රිකාවට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කෙරේ
2022-08-11 17:02:27
Share with:

"තායිවාන ප්‍රශ්නය හා නව යුගයේ චීනයේ එක්සත් ව්‍යායාමය" නමැති ධවල පත්‍රිකාව නිකුත් කිරීමෙන් පසුව, තායිවාන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයේ බලධාරීන් ද්වේෂ සහගත ලෙස ඊට එරෙහිව පහර දුන් අතර, "තයිවාන සමුද්‍ර සන්ධි දෙපස එකිනෙකාට අයත් නොවීම" යන වැරදි ප්‍රකාශය පතුරුවා හැර, "එකම රටක ක්‍රම දෙකක් යන ප්‍රතිපත්තිය" විවේචනයට ලක්කර තිබේ. චීන මහා ගොඩබිම තමන්ගේම ආශාවන් මත පදනම්ව තයිවාන සමුද්‍ර සන්ධි දෙපසේ තත්ත්වය නිර්ණය කර ඇති බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කර තිබේ. අද (11) පැවති මාධ්‍ය හමුවේදී, චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලයේ ප්‍රකාශක Ma Xiaoguang මහතා මේ පිළිබඳ වාර්තාකරුවෙකු ගේ පැනයකට පිළිතුරු ලබා දුන්නේ ය.

නව යුගයේ මාතෘභූමිය යලි එක්සත් කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ චීන රජයේ ස්ථාවරයන් සහ ප්‍රතිපත්ති පැහැදිලි කිරීම එම ධවල පත්‍රිකාවේ අරමුණ බව Ma Xiaoguang මහතා පැවසීය. චීන භූමියේ කොටසක් ලෙස තායිවානයේ තත්ත්වය කිසි විටෙකත් වෙනස් වී නොමැති අතර කිසි විටෙකත් වෙනස් වීමට ද ඉඩ නොදේ. තායිවානයේ අනාගතය රඳා පවතින්නේ ජාතික යළි එක්සත් කිරීම මත වන අතර, එය සියලු චීන ජනතාව විසින් පමණක් සහ ඒකාබද්ධව තීරණය කළ යුත්තකි. තයිවාන සමුද්‍ර සන්ධි දෙපස සබඳතාවල දිශාව සහ මාතෘ භූමියේ සම්පූර්ණ යලි එක්සත් වීම සාක්ෂාත් කර ගැනීම තීරණය කරන ප්‍රධාන සාධකය වන්නේ මාතෘ භූමියේ සංවර්ධනය හා ප්‍රගතියයි. තයිවාන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයේ බලධාරීන් විකෘති ආකාරයෙන් යම් යම් දේ පැවසීම අර්ථ විරහිත ක්‍රියාවක් වන අතර මාතෘ භූමිය එක්සත් කිරීමේ ඓතිහාසික ප්‍රවණතාව නතර කිරීමට ඔවුන්ට හැකියාවක් නොමැත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම