චීන-නේපාල විදේශ ඇමතිවරුන් අතර සාකච්ඡාවක්
2022-08-11 09:32:31
Share with:

චීන-නේපාල විදේශ ඇමතිවරු සාකච්ඡාවක නිරත වෙති. එම සාකච්ඡාව ඊයේ (10) චීනයේ ෂන්තුං පළාතේ චින්ඩෞ නගරයේදී පැවැත්විණ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ නේපාල සංචාර‍යේ ඉහළ ජයග්‍රහණ එරට සමඟ මනාව ක්‍රියාත්මක කරන බවත්, “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ උසස් මට්ටමෙන් එක්ව ඉදිකරමින්, ද්විපාර්ශ්වික සම්බන්ධතාවේ සංවර්ධනය ඔස්සේ නව අනාගතයක් ‍ගොඩනැගීමට කැමැත්තෙන් පසුවන බවත් චීන විදේශ අමාත්‍ය වං යී මහතා එහිදී පැවසීය.

එකම චීනය මූලධර්මය නේපාලය ස්ථිර‍ ලෙස අනුගමනය කරන අතර, රට තුළ චීන විරෝධී හා චීනයට හානි විය හැකි කිසිදු ක්‍රියාකාරකමකට නේපාලය අවසර නොදෙන බව නේපාල විදේශ ඇමති Narayan Khadka මහතා යළි අවධාරණය කළේය. ටිබෙට්, ෂින්ජියං, හොංකොං ඇතුළු රටේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ චීනයේ නිසි ස්ථාවරයන්ට නේපාලය සහය වන අතර, බහුපාර්ශ්විකත්වය අනුගමනය කරමින් අඛණ්ඩව හා ස්ථිරව චීනය සමඟ සිටින බව ද Narayan Khadka මහතා පෙන්වා දුන්නේය.

ද්විපාර්ශ්වික සබඳතාව හා සහයෝගිතාව පිළිබඳව ද විදෙස් ඇමතිවරුන් දෙපළ ගැඹුරින් අදහස් හුවමාරු කර පොදු එකඟතාවකට පැමිණ ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම